Saturday, April 20, 2024

General line - 0115112241

ගම්පහට ළඟ ළඟම එන ලොකුම විනාශය මෙන්න

සජිත් තිලකරත්න




ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ භූගත ජල ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක වීම හේතුවෙන් ඉදිරියේදී එම දිස්තී‍්‍රක්කයේ ජනතාව උග‍්‍ර ජල හිඟයකට මුහුණපානු ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඒ පිළිබද කරුණු දක්වන ගම්පහ කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසර උපදේශක සජීව චාමිකර සඳහන් කරන්නේ තවත් වසර කිහිපයකින් මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනවා වෙනුවට වහාම ක්‍රියාත්මක වී මේ සඳහා දැන්ම විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බවයි.

මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කය තුළ පිහිටා ඇති තෙත් බිම් පද්ධති නිසි පරිදි සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක්ද කි‍්‍රයාවට නැංවිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එම දිස්ති‍්‍රක්කයේ තෙත් බිම් විශාල වශයෙන් ගොඩකිරීම්වලට ලක් වන බවයි ගම්පහ කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසර උපදේශක සජීව චාමිකර පැවසුවේ.