Friday, April 19, 2024

General line - 0115112241

යොවුන් ඔලිම්පික් පදක්කම පාරමීගේ අනාගතයට පාර පෙන්නයි (VIDEO)




තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආජන්ටිනාවේදී මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා ඊයේ (15) සමත් වුණා.

2007 වසරේ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ විසින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමෙන් පසුව මළල ක්‍රීඩාවෙන් මෙරට ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ලැබූ ඉහළම ජයග්‍රහණය මෙය වනවා.

කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාව වන පාරමී වසන්ති මාරිස්ටෙලා පසුගිය දා පැවති 2018 ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ද දිනු අතර ඇගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැදගත් පියවර කිහිපයක් ද ගනු ලැබුවා.

එම ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය නිමවූ විගසම ඇයට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලබාදුන් අතර  සුබග ශිෂ්‍යත්ව අරමුදල යටතේ ද මසකට රුපියල් 2500ක දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.