වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ලමාහේවා අද (16) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයාගේ නියෝගයකට අනුවයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී දැනුම් දුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ නියෝග කළේ සැකකරු ඔක්තෝම්බර් මස 30 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
සැකකරු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ මේ වන විට ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.