Wednesday, April 24, 2024

General line - 0115112241

සෞදි රජු සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර තීරණාත්මක හමුවක්

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන අර්බුධය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සහ සෞදි අරාබියේ සල්මාන් රජු අතර තීරණාත්මක සාකච්ජාවක් මේ වන විට රියාද් අගනුවර සිදුවෙමින් පවතිනවා.

තුර්කියේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට ඉකුත් ඔක්තෝම්බර් මස 02 වැනිදා පැමිණි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඉන් පිටව නොගිය බවත් ඔහුගේ අභිරහස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන ලෙස පවුලේ ඥාතීන් ඉල්ලීමක් කර තිබෙනවා.


මෙම මාධ්‍යවේදියාගේ අතුරුදහන් වීම සම්බන්යෙන් තම රටේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඊයේ (15) සෞදි රජු විසින් අමෙරිකානු  දුරකථනයෙන් පවසා තිබෙනවා.

මේ වන විට රියාද් අගනුවර පැවැත්වෙන තීරණාත්මක සාකච්ජාවේදී හුවමාරු කර ගත අදහස් පිළිබඳව මේ දක්වා කිසිදු නිල නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් වී නොමැත.