Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ අණින් වෙල්ගම මන්ත්‍රිවරයා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්-නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර

සමන්ත කුමාර/මහේෂ් චතුරංග




පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම සභාග ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා කළ ප‍්‍රකාශය පිළිබඳ අද (16) පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. 

ඊයේ මම දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත්‍රිවරුන් කුමාර වෙල්ගමට එරෙහිව විශාල චෝදනාවක් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වේදිකාවේ තියාගෙන කියනවා. මම හිතන්නේ මෙම අදහස් ඒ මන්ත්‍රිවරුන්ගේ වචන වලින් ආවට එය හිටපු ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත වෙච්ච දෙයක් කියලා. කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා ගෝඨාභය රාජපජෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ නතර කරන්න හිටපු ජනාධිපතිවරයා කියන්න ඇති ඔහුව ඉලක්ක කරගෙන කතා කරන්න කියලා. මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නිසා මේ වෙනකොට පොහොට්ටුව ඇතුලේ ලොකු ගැටළුවක් ඇතිවී තිබෙන බව නම් මට පෙන්වා යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියා.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී එල් පීරිස් ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

විවිධ මත තිබුණද තම කණ්ඩායමේ ගැටුමක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.