Saturday, April 20, 2024

General line - 0115112241

නෝර්වුඞ් තවදුරටත් අවදානමේ

රංජිත් රාජපක්ෂ - හැටන්




නෝර්වුඞ් නිව්වැලිගම ප‍්‍රදේශයේ නායයාමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි නුවරඑළිය කාර්යාලයේ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය පැවසුවේ ඊයේ (15) නායගිය ස්ථානයට යාබදව පිහිටි තවත් නිවාස 02ක් නායයාමේ අවදානමේ පවතින බවයි.

නිව්වැලිගම ප‍්‍රදේශයේ කාසල්රී ජලාශයට ඉහළින් තවත් පස් කන්දක් නායයාමේ අවදානමේ පවතින බවයි ඔහු ප‍්‍රකාශ කළේ. භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මෙම අදහස් පළ කළේ නෝර්වුඞ් නිව්වැලිගම ප‍්‍රදේශයේ නිවාස 05ක් නායගොස් කාසල්රී ජලාශයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද සිදු කළ පරීක්ෂණයෙන් අනතුරුවයි. 

එහිදී ඔහු කියා සිටියේ කාසල්රී ජලාශයේ සිට ඉහළට විහිදී ඇති ගල් පොත්තක් මත තිබූ පස් තට්ටුවක් මෙලෙස නායගොස් ඇති බවයි. 

මේ අතර හෙට දිනයේ ද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක.