Friday, March 29, 2024

General line - 0115112241

ත‍්‍රස්ත විරෝධි පනතට එරෙහිව පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ත‍්‍රස්ත විරෝධි නව පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම වයවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (16) විශේෂ පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින්. 

එම පනත් කෙටුම්පත් නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ. මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ජාතික ආරක්ෂාව සහ මහජන ස්වාධිපත්‍යට අහිතකර ලෙසට බලපාන බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.