Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් සැරයන්වරයාට ජනපතිගෙන් රුපියල් මිලියනයක්




පසුගියදා තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන අද (16) දහවල් ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඒ ඔහු වෙත රුපියල් ලක්ෂ 10 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කර තිබෙනවා.