Thursday, April 25, 2024

General line - 0115112241

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට දැනුම්දීමක්




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට හෙට (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට සැලසුම් කළේ යැයි කියන ආන්දෝළනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනිමටයි.

ඊයේ (16) පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නද පෞද්ගලික හේතුවක් මත පැමිණිය නොහැකි බවයි ඔහු දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ.

ඒ අනූව එම ප‍්‍රකාශය ලබා ගැනිමට හෙට (18) පැමිණෙන ලෙසයි කුරුඳුවත්ත පොලිසිය මඟින් නාලක සිල්වාට දැනුම් දී ඇත්තේ.