Friday, March 29, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ව නිදොස් කොට නිදහස් කරයි




පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (17) නියෝග කළා. ඒ, සතොස ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවට අදාළවයි. 

සතොස ආයතනයේ රුපියල් පනස් දෙලක්ෂයකට අධික මුදලක් වංචා කළ බවටයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස මාසකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධී බවයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුවයි ඔවුන් නිදහස් කිරීමට නියෝග කළේ.