Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව අද පිටියට එන එංගලන්ත කණ්ඩායමේ වෙනසක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග අද (17) පැවැත්වෙන තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් සිදු වනු ඇතැයි වාර්තා වනවා. ආබාධයකට ලක්ව සිටින දඟ පන්දු යවන ක‍්‍රීඩක ලියම් ඩොසන් වෙනුවට ජෝ ඩෙම්ලි සංචිතයට කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම සංචිතයේ සිටින නවක වේග පන්දු යවන ක‍්‍රීඩක සෑම් කරන්ට ද අද තරගයේ දී අවස්ථාවක් හිමි වනු ඇති බවට වාර්තා පළ වනවා.

ශ‍්‍රී ලංකා - එංගලන්ත 03 වන එක්දින ක‍්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.