Thursday, April 25, 2024

General line - 0115112241

රෝගය පරීක්ෂා කරන මුවාවෙන් කාන්තාවකට බරපතළ ලිංගික අතරව කළ දොස්තරට දුන් දඬුවම 

අධිකරණ වාර්තාකරු




රෝගී තත්ත්වය පරීක්ෂා කරන මුවාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවකට බරපතළ ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශේෂඥ වෛද්‍යවරයකුට අත්හිටවූ සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරනය අද (17) නියෝග කළා.

ඒ අනුව වසර 2 ක බරපතළ සිරදඬුවම් වසර 25 කට අත්හිටුවීමට මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න නියෝග කළා.

අත්හිටවූ සිර දඩුවමට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද ගෙවීමට මහාධිකරණය නියෝග කළා.

ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් වින්දිත කාන්තාවට ගෙවන ලෙසට මහාධිකරණය විත්තිකරුට නියෝග කළා. 

මෙලෙස දඩුවම් නියමවූයේ කලුබෝවිල රෝහලට අනුයුක්තව සේවය කළ චීන කටු චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.පි. විජේරත්න නැමැති විත්තිකරුටයි.

මෙම අපරාධය 2006 වර්ෂයේ මැයි 07 දා සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියා.

වසර 12 ට පෙර සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පලකරන බව විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.