Friday, April 26, 2024

General line - 0115112241

වත්මන් රජය අතහැර දැමූ හොඳම අවස්ථාවක් ඇවන්ගාර්ඩ් සභාපති පෙන්වයි

හේමන්ත කහවලගේ




ආරක්ෂක සේවා සැපයීමෙන් ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගැනීමට තිබූ අවස්ථා වත්මන් ආණ්ඩුව අතහැර දමා ඇතැයි ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපති, මේජර් නිශ්ශංක සේනාධිපති පවසනවා. ඔහු කියා සිටියේ නයිජීරියාව සමග ඊට අදාළ ගිවිසුමක් පවා අත්සන් කර තිබූ බවයි. 

මෙම ගිවිසුම හරහා ශ‍්‍රී ලංකාවට මුදල් ලබා ගැනීමට හැකි වූවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන මුදලට වඩා වැඩි මුදලක් උපයා ගැනීමට තිබූ බවයි ඔහු කියා සිටියේ. 

මෙරට හමුදාව පිළිබඳ ජාත්‍යන්තරය තුළ ඇති විශ්වාසය හේතුවෙන් විවිධ රටවලට ආරක්ෂක සේවා සැපයීමේදී ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.