Friday, March 29, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරියක් සහ වෛද්‍යවරු පිරිසක් අතර උනුසුම් තත්ත්වයක් - රෝහලට රෝගීන් ඇතුළත් කිරීමත් නවතී

අශෝක එරමිණිගම්මන




වෛද්‍යවරුන් අතර මතු වී තිබෙන අර්බුදයක් හේතුවෙන් නුවරඑළිය රිකිල්ලගස්කඩ දිස්ත‍්‍රික් මූලික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන  ළමා රෝගීන් දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

මෙම ආරවුල හටගෙන ඇත්තේ එම රෝහලේ ළමා රෝගී අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් සහ එම ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව් දෙනෙකු අතරයි.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ මෙම තත්ත්වය හේතුවෙන් ළමා රෝග ඒකකයේ කටයුතු මේ වනවිට අඩාළ වී ඇති බවයි. රෝහලේ මතුව ඇති තත්වය පිළිබඳ රිකිල්ලගස්කඩ රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී සේනක නවන්එළියගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ දින කිහිපයක් තිස්සේ මෙම මත ගැටුම පැවැති බවයි. ඒ හේතුවෙන් රෝගීන් ඇතුළත් කිරීම සිදු නොකෙරෙන බවත් හදිසි ප්‍රතිකාර පමණක් සිදු කෙරෙන බවත් පෙන්වා දුන්නා. අදාළ ගැටලුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවද සඳහන් කළා.

නෙත් නිවුස් කළ සොයා බැලීමේදී වැඩිදුරටත් අනාවරණ වුණේ ළමා රෝග සායනයෙන් දීර්ඝ කාලීනව ප‍්‍රතිකාර ගන්නා ළමුන්ට පමණක් මේ වනවිට ප‍්‍රතිකාර කරන බවයි.