මිහිඳු මහ රහතන් වහන්සේ උදෙසා වාර්ෂිකව සිදු කරන රාජ්‍ය උත්සවය මෙවර අවලංගු කර ඇතැයි මිහින්තලය රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
ඒ, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙවැනි වටිනා උත්සව හදිසියේ අවලංගු කිරීම කණගාටුදායක කරුණක් බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා නෙත් නිවුස් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවා. එහෙත් ඔහු මේ වනවිට විශේෂ රැස්වීමකට සහභාගී වී සිටින බැවින් රැස්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වන බවයි ප්‍රකාශ කළේ.