Thursday, March 28, 2024

General line - 0115112241

තෙවන එක්දින තරගය පන්දුවාර 21 කට සිමා කෙරේ

සමන්ත කුමාර




ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන එක්දින තරගය වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා විනිසුරුවරුන් ගේ තීරණය පරිදි පන්දුවාර 21කට සිමා කර තිබෙනවා. කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයාගේ තීරණය වුයේ මුලින්ම පන්දු රැකීමයි.

මේ අතර ආබාධයකට ලක් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එක්වන බවයි.

කී‍්‍රඩාංගණයට ඇදහැළුණු වර්ෂාව පහව යාමත් සමග අවස්ථා කිහිපයකදී වැසි ආවරණ ඉවත් කර තරගය ආරම්භ කිරීමට සූදානම් වුවද නැවත නැවතත් වැසි ඇදහැලීම හේතුවෙන් තරගය දිගින් දිගටම ප‍්‍රමාද වුණා.