Thursday, March 28, 2024

General line - 0115112241

එංගලන්තය පෙරමුණ ගනියි : මෝගන් වාර්තා පොත් අතරට

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග ඊයේ (17) පැවති තුන්වන එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලක් සදහා පන්දුවාර 21කට සීමා කිරීමට විනිසුරුවරුන් පියවර ගත්තා.

කාසියේ වාසිය දිනු එංගලන්ත නායකයාගේ ආරම්භයෙන් මුලින් පන්දුවට පහර දිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 21 ක අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150 ක් රැස් කර ගනු ලැබුවා.  ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 36, සධිර සමරවික්‍රම 35, දිනේෂ් චන්දිමාල් 34 ක් සහ දසුන් ශානක ලකුණු 21ක් රැස් කර ගනු ලැබුවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18.3ක් තුලදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 153ක් වාර්තා කර ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුවා.

එංගලන්තය වෙනුවෙන් නායක ඉයන් මෝගන් පන්දු 49 ක් තුලදී ලකුණු 58ක් රැස් කර ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාවේදී පිට පිට එක්දින තරග දෙකකදී අර්ධ ශතක රැස් කළ පළමු එංගලන්ත නායකයා බවට ඔහු ඊයේ වාර්තා පොත් අතරට එක්වූවා. 

මේ වන විට එක්දින තරගාවලියේ තරග 2-0ක් ලෙස එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.