Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි එකම අපේක්ෂකයා ගැන වෙල්ගම යළිත් මතක් කරයි



ඉදිරි ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි එකම අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම යළි අවධාරණය කරනවා.

ඊයේ (17) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.  

ඉකුත්දා මහනුවර පැවති උත්සවයකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු තමන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මෙහිදී අදහස් පළ කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.