Friday, March 29, 2024

General line - 0115112241

චන්දිමාල්ට පෙනීමේ ගැටලුවක් - තරග පරාජය ගැන දික්වැල්ල දුන්නු පිළිතුරු මෙන්න

ඉෂාර සුපෙම් මානගේ




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (17) රාත‍්‍රියේ පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. 

මෙම ජයග‍්‍රහණයත් සමග තරග 05කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ද එංගලන්ත කණ්ඩායම සමත් වුණා.   

තරගය අවසානයේ මාධ්‍ය හමුව සඳහා සහභාගී වූ නිරෝෂන් දික්වැල්ලගෙන් මාධ්‍යවේදීන් තරගයේ පරාජය පිළිබඳ ප්‍රශ්න කර සිටියා.

එහිදී යොමු වූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු පහතින් දැක්වෙයි. 

තරගය පරාජය වුණ හේතු මොනවාද?

"වැස්සවත් තරගයේ පන්දුවාර ගණනවත් නෙමෙයි පරාජයට හේතු වුණේ. තිසරගේ දැවී යාම තමයි හේතුව වුණේ. ඒ වගේම ලකුණු 92ට කඩුලු 04ක් දැවී යාමත් මේකට බලපෑවා. තව ලකුණු 20ක් අපිට තිබ්බනම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබ්බා. අපි අවශ්‍ය තරම් පුහුණුවීම් කටයුතු කරලා තියෙන්නේ..ඒත් අපිට තියෙන්නේ තරගයට ගියාම ඒ උපරිමය කරන්න බැරිකම. තරගය ක්‍රීඩා කරන අයට තමයි තේරෙන්නේ මොකක්ද වෙන්නේ කියලා.. එළියේ ඉන්න අයට ඕන දෙයක් කියන්න පුළුවන්. මම දන්නේ නෑ ඒක ඔය කට්ටිය කොහොමද තීරණය කරන්නේ කියලා. හැමෝගෙම බලාපොරොත්තු තියෙනවා. අපි තරගයකට ගිහිල්ලා ඉක්මනට දැවී යන්න හිතාගෙන ක්‍රීඩා කරන්නේ නෑ. දිනන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. පුළුවන් වෙන අවස්ථා තියෙනවා. අපි ඒ දෙකම භාර ගන්න ඕනේ." 

දිනනවාට වැඩිය අපි පරදිනවා වැඩියි නේ?

එහෙම වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ ඒක වෙන නිසා තමයි අපිත් ඒක හදා ගන්න මේ උත්සහ කරන්නේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මේ තරගය අවසානයේ ඉදිරිපත් කිරීමට ආවේ නැත්තේ ඇයි?

එයාගේ පෙනීමේ යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් බලමින් ඉන්න නිසා ආවේ නැත්තේ. 

ඒක කොහොමද ඇති වුණේ?

ඒක මම දන්නේ නෑ.