Wednesday, April 17, 2024

General line - 0115112241

සුපිරි නිවාස මංකොල්ල කෑ සුපිරි හොරා (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




රාජගිරිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණ රැසක් මංකොල්ල කෑ  පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නිවාස සංකීර්ණවල කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා පවත්වමින් අනෙකුත් නිවාස පිළිබඳව මෙම පුද්ගලයා විමසිල්ලෙන් සිට මංකොල්ලකෑමේ යෙදෙන බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

එමගින් උපයා ගන්නා මුදල් රාත්‍රී සමාජ ශාලාවල කැසිනෝ ක්‍රීඩාව සඳහා ඔහු යොදවා තිබෙනවා.

එම පුද්ගලයා සුපිරි නිවාස සංකීර්ණයකට පිවිසෙන දර්ශන පහතින් දැක්වෙනවා.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති සුදත් අස්මඩලගේ උපදෙස් මත මේ පිළිබඳව පරීක්ෂණ සිදු වනවා.