Thursday, April 25, 2024

General line - 0115112241

ජමාල්ගේ සිරුර ඇසිඩ් වල ගිල්වා විනාශ කරලා :ඝාතකයින් සෞදියේ සිට ජෙට් යානයකින් ඇවිත්

දිනුක් හේවාවිතාරණ




මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් විමර්ෂන සිදුකරනු ලබන තුර්කි බළධාරින් ඊයේ (16) එරට පිහිටි සෞදි කවුන්සිලර්වරයාගේ නිල නිවෙස පරික්ෂා කරනු ලැබුවා.

ජමාල් කෂෝගී ගෙන් සෞදි කවුන්සිල් කාර්යාලයේදී ප්‍රශ්න කිරීමේදී පටිගත කරන ලද බව කියන හඩ පටයක් මිට පෙර තුර්කි විමර්ශන බලධාරීන් වෙත ලැබී තිබුණු අතර ඒ මගින් ලබා ගත් තොරතුරු පදනම් කර ගනිමින් තුර්කි බළධාරින් සදහන් කරන්නේ මාධ්‍යවෙදියාව සෞදි කවුන්සිලර් කාර්යාලයේ ඉහළ මාළයේ පිහිටි කාමරයකදි ඝාතනය කර ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

තුර්කි මාධ්‍ය සදහන් කරන්නේ මේ සදහා සෞදියේ සිට 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෞද්ගලික ගුවන් යානාවකින් එරටට පැමිණ ඇති බවයි. 

එසේ පැමිණි පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර වල තොතුරුද මේ වන ව්ට තුර්කි මාධ්‍ය විසින් හෙළි කරගෙන ඇති අතර සෞදි ඔටුන්න හිමි කුමරුගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් පත්කර සිටි මාහිර් අබ්දුල්අසීස් මුට්රේබ් සහ වෛද්‍යවරයෙක් වන සාලාහ් මුහුම්මද් යන අයද ඒ අතර සිටි බවට හෙළිවී ඇත.

මෙම පිරිස මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ අත්වල ඇඟිලි මුලින් කපා ඉවත් කර පසුව ඔහුට විෂ  සහිත එන්නතක් ලබාදී ඝාතනය කර පසුව සිරුර කැබලි වලට කපා ඇසිඩ් ද්‍රාවණයක ගිල්වා සිරුරේ කොටස් විනාශ කරන්නට ඇති බව තුර්කි බලධාරීන් අනුමාන කරනවා.

මේ අතර තුර්කි බලධාරීන් සතුව ඇති මාධ්‍යවේදි ජමාල් කෂෝගීගේ හඩ පටය තමන් වෙත ලබා දෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කි රජයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

අමෙරිකාවෙ හිතවත්ම පාර්ශවකරුවෙක් වන සෞදි රජයට එරෙහිව එල්ලවි තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඔවුන් ආරක්ෂා කිරිමට තමන් කිසිවිටකත් කටයුතු නොකරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.

(කුමරුගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් පත්කර සිටි මාහිර් අබ්දුල්අසීස් මුට්රේබ්)
(කුමරුගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් පත්කර සිටි මාහිර් අබ්දුල්අසීස් මුට්රේබ්)
(සෞදියේ සිට පැමිණි ජෙට් ගුවන් යානය)