Friday, March 29, 2024

General line - 0115112241

බදුල්ලේදී ස්වර්ණාභරණ සොරකම් කළ කතක් හොරණදී අත්අඩංගුවට

පාලිත ආරියවංශ - බදුල්ල




බදුල්ල ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළද සැලකින් රන් භාණ්ඩ සොරගත් කාන්තාවක් හොරණ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා දරුවෙකු සහ තවත් කාන්තාවක් සමග සැකකාරිය බදුල්ලේ ස්වර්ණාභරණ වෙළද සැලකින් රන් භාණ්ඩ මිළදී ගැනීමේ මුවාවෙන් මෙම සොරකම සිදුකර ඇති බවයි බදුල්ල පොලීසිය පැවසුවේ.

ඔවුන් සොරකම් කළ රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් අට ලක්‍ෂ හතලිස් හත්දහස් පන්සියයක් පමණ වන බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සොරකම් කරන ලද රන් භාණ්ඩ අතරින් කරාබු 64 ක් සහ මුදු 6 ක්ද අත්අඩංගුවට ගැණුනු සැකකාරිය සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

හොරණ ප‍්‍රදේශයේ මීට පෙර සිදුකරන ලද ස්වර්ණාභරණ සොරකමකට අදාළ නඩුවකට හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට සැකකාරිය පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනු බවයි බදුල්ල පොලීසිය පැවසුවේ. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකාරිය සොයා විමර්ශන කි‍්‍රයාත්මකයි.