Thursday, November 15, 2018
Hotline - 0770586666

නාලක සිල්වාගෙන් CIDය අදත් පැය 09ක් ප‍්‍රශ්න කරයි (UPDATE)

කසුන් කැලුම්

6191Views

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) දිනයේද පැය 9 කට අධික කාලයක් ප‍්‍රශ්න කළා. පෙරවරු 9 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පස්වරු 6.30 ට පමණ එම ස්ථානයෙන් පිටව ගියා.

අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් එලෙස ප‍්‍රශ්න කළේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට එල්ල වී ඇති චෝදනා පිළිබදවයි.

ඔහුගෙන් ඉදිරි දිනකදී තවදුරටත් ප‍්‍රශ්ණ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

---------------------------------

නාලක සිල්වාගෙන් CIDය අදත් ප‍්‍රශ්න කරයි

19-10-2018 12:31

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලබා සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ, තවදුරටත් කෙරෙන ප‍්‍රශ්ණ කිරීම් සඳහායි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේද ඔහුගෙන් පැය 9 ක් පමණ ප‍්‍රශ්න කළා. 

--------------------------------

නාලක සිල්වාගෙන් CID පැය 9 ක් ප‍්‍රශ්න කරයි - හෙට දිනයේත් යළි කැදවීමක්

18-10-2018 19:01

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 9 ක් ප‍්‍රශ්න කළා. ඒ, ජනපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

ප‍්‍රකාශයක් ලබාදීමට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පෙරවරු 9ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප‍්‍රකාශයක් ලබාදීමට ඉකුත් අගහරුවාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබුණා. එහෙත් සිය දරුවා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැහැ.

කෙසේ වෙතත් වැඩිදුර ප‍්‍රශ්න කිරීම සදහා හෙට දිනයේ යළිත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබෙනවා.