Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව ගැන ICC යෙන් තවත් අනාවරණයක්

කසුන් කැලුම්




කි‍්‍රකට් දුෂණ සම්බන්ධයෙන් ඉකුත් මාස 12 ක කාලය තුළ වැඩිම පරීක්‍ෂණ ප‍්‍රමාණයක් සිදුකළේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මේ බව සදහන් කර ඇත්තේ කි‍්‍රක්ඉන් ෆෝ වෙබ් අඩවිය සමග කළ විශේෂ සාකච්ඡාවකදීයි. 

අයි සී සී දුෂණ මර්දන නීති සංග‍්‍රහයේ වගන්ති 2 ක් කඩ කළ බවට කි‍්‍රකට් තේරිම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරියට ඉකුත්දා එම කවුන්සිලය විසින් චෝදනා ගොණුකර තිබුණා. මෙම සම්මුඛ සාකච්ඡාවට එක් වූ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරිවරයා පවසා ඇත්තේ ඉදිරියේදී කි‍්‍රකට් දුෂණවලට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුගේ නම් හෙළි කිරීමට නියමිත බවයි. කිසියම් පුද්ගලයෙකුට චෝදනා ගොනුකරන තුරු හෝ අධිකරණයෙන් වැරදිකරු වන තුරු කිසිදු පුද්ගලයෙකුගේ නමක් හෝ ඔවුන් සිදුකළ වරදක් පිළිබද හෙළි නොකරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. 

කි‍්‍රකට් දුෂණ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවෙන් බොහෝ පැමිණිලි වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් පරීක්‍ෂණ රැසක් කි‍්‍රයාත්මක කිරීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් සදහන් කළේ. 

කි‍්‍රක් ඉන් ෆෝ වෙබ් අඩවියට ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡුාවේ වැඩිදුරටත් සදහන් වන්නේ කි‍්‍රකට් සම්බන්ධ මෙම දුෂණ සංවිධානාත්මක අපරාධ ලෙස සිදුවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා තරුණ කි‍්‍රකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙම දුෂණ කි‍්‍රයාවලට හසුවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. මීට සම්බන්ධ පුද්ගලයින් 12 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් පිළිබද අයි සී සී දුෂණ මර්දන ඒකකය විමසිල්ලෙන් පසු වනවා. ඒ අතරට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සහ ඉන්දීය ජාතිකයින් ඇතුළත් බවයි ඇලෙක්ස් මාර්ෂල් පවසන්නේ. 

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කී‍්‍රඩා අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ අදාළ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාමලේඛණයක් ලබානොදුන් බවද ඔහු සදහන් කර තිබෙනවා. තරග පාවාදීම් සහ තරග පාවාදීම්වලට පොළඹවා ගැනීම සම්බන්ධ වැරදිවලට ශී‍්‍ර ලංකා අපරාධ නීතිය යටතේ දඩුවම් ලබාදීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි අයි සී සී දුෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරිවරයා පෙන්වා දෙන්නේ.