Thursday, March 28, 2024

General line - 0115112241

කබඩි තේරීම් කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනයේ තේරීම් කමිටු සභාපති සුදර්ශන හෙට්ටිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඉන්දියාවේ පැවැත්වෙන කබඩි තරගාවලියක් සදහා ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායම තේරීමට ව්‍යාජ අත්සන් යොදා අනුමැතිය ලබාදීමේ සිද්ධියත් සමගයි. මේ පිළිබදව පළමුවරට අනාවරණ කළේද නෙත් ස්පෝර්ට්ස්මන්. පසුව කී‍්‍රඩා අමාත්‍යාංශය ඒ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ කළා. ඊට සහාය දැක්වීමක් වශයෙන් තමන් ශී‍්‍ර ලංකා කබඩි තේරීම් කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි සුදර්ශන හෙට්ටිආරච්චි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

කබඩි  තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් දෙදෙනාද සිය තනතුරු වලින් ඉල්ලා අස්වී පරීක්‍ෂණවලට සහාය දැක්විය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.