Friday, March 29, 2024

General line - 0115112241

ව්‍යාජ රන් බෝල ජාවාරමුන් 03ක් ලක්ෂ 30ක් සමග අල්ලයි




ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල සැබෑ රත‍්‍රං බව පවසා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙනවා. කලූතර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයින් 03දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් ළ`ග තිබී ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල 450ක්ද, සොයා ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. මේවා රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබුණා.