Thursday, April 25, 2024

General line - 0115112241

වෙල්ගම ඇමති කාලේ කළ අක්‍රමිකතාවයකට දැමූ නඩුවකට අද වුණ දේ




ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉකුත් 2010 වසරේදී සිදු කළ බව කියන අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගමට පවරා ඇති නඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා.

මෙම නඩුව ගොනු කිරීමට අනුමැතිය ලබා දුන් ලේඛණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව විසින් එහිදී අධීකරණය වෙත ඉදිරිපත් කෙරුණා. විත්තිය පැවසුවේ නඩුවට මූලික විරෝධතා ගොනු කරන බවයි. ඒ අනුව මෙම නඩුව ලබන ජනවාරි 18වනදා දක්වා කල් තැබුණා.