Tuesday, April 23, 2024

General line - 0115112241

වැඩි පඩි ඉල්ලා කම්කරුවෝ වීදි බසිති (PHOTOS)

රංජිත් රාජපක්ෂ




තම දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස බල කරමින් බගවන්තලාව ප‍්‍රදේශයේ වතු කම්කරුවන් අද (19) උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, බගවන්තලාව - බලංගොඩ ප‍්‍රධාන මාර්ගයේදීයි.

ප‍්‍රධාන මාර්ගයට පිවිසි වතු කම්කරුවන් පඹයෙකු පුළුස්සමින් වතු සමාගම්වලට එරෙහිව සිය විරෝධය දැක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අතර ඉකුත් 15 වනදා පැවති සාකච්ඡුාවක් එකගතාවයකින් තොරව අවසන් වුණා.