Thursday, April 18, 2024

General line - 0115112241

හිටපු ඇමති රෝහිතට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම ඇරඹෙයි




හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවක වැඩිදුර සාක්‍ෂි විමසීම කොළඹ මහාධිකරණයේදී අද (19) ආරම්භ වුණා.

රුපියල් ලක්‍ෂ 412 කට අධික වටිනාකමකින් යුත් දේපළ සහ මුදල් අයථා අන්දමින් ඉපැයීමක් කර ඇතැයි කියන චෝදනා යටතේ මන්තී‍්‍රවරයාට එරෙහිව එම නඩුව පවරා තිබෙනවා. අද දිනයේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියෙකු ඊට අදාළව සාක්‍ෂි ලබාදුන්නා.

වැඩිදුර නඩු විභාගය දෙසැම්බර් 11 වනදා දක්වා කල් තැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.