Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති ඉන්දීය කොංග්‍රස් නායකයින් හමුවෙයි - අන්තවාදය දුරු කිරීමටත් සාකච්ඡා




ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී  ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර 19 වන දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා  මේ සාකච්ඡාවට එව ඇති අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට කොංග්‍රස් නියෝජිතයෝ උනන්දු වීම මෙහිදී දක්නට ලැබුණා. අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ අතර, ඔවුන් ස්තුති පූර්වකව ආරාධනාව පිළිගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

20 වන දා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.