Thursday, April 25, 2024

General line - 0115112241

ගිය ආණ්ඩුව මහ පොළොව පමණක් නොව ගුවනත් චීනයට දුන්නා - රට චීන ණය උගුලෙන් බේරාගත්තේ වත්මන් ආණ්ඩුවයි

සුනිල් හරිශ්චන්ද්‍ර




ආණ්ඩුව රට චීන ණය උගුලක සිරකරමින් සිටින බවට ඇතමුන් චෝදනා කළද සැබවින්ම එම ණය උගුලෙන් රට බේරා ගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඇඹිලිපිටිය ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මාධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

පසුගිය පාලකයින් මහපොළව පමණක් නොව මෙරට ගුවන් සීමාවක් පවා චීනයට සින්නක්කරව ලියා දී තිබූ බවයි අමාත්‍ය මංගල සමරවීර එහිදී වැඩිදුරටත් කියාසිටියේ.

වත්මන් රජයේ නව වැඩපිළිවෙලක් යටතේ ඉදිකෙරුණු 5 වන ධාන්‍ය සුරැුකුම් මධ්‍යස්ථානය ලෙස ඇඹිලිපිටිය ගොවීන්ගේ ධාන්‍ය සුරැුකුම් මධ්‍යස්ථානය විවෘත කෙරුණා. ඒ සදහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 285 ක්. වී ඇතුළු ධාන්‍ය වර්ග ගබඩා කර තබා වැඩි මිළ ගණන් යටතේ අළෙවි කිරීමට එමගින් ගොවීන්ට අවස්ථාව සලසා දී තිබෙනවා.