Friday, March 29, 2024

General line - 0115112241

මනාළියක් සමග ඉතාලි වීසා පෙන්නා මුදල් ගැරූ පිරිසක් මාට්ටු (PHOTOS)




ඉතාලි වීසා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කළ කණ්ඩායමක් මාරවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මහවැව, තොඩුවාව ප‍්‍රදේශයේ තරුණයෙකු කළ පැමිණිල්ලක් අනුව සිදු කෙරුණු විමර්ශනයකදීයි.

තරුණියක් විවාහ කර දී ඉතාලියේ වීසා ලබාදෙන බව පවසා තමන්ගෙන් රුපියල් ලක්‍ෂ 6 ක මුදලක් වංචා කර ඇති බවටයි ඔහු එම පැමිණිල්ල සිදුකර තිබුණේ. ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී සැකකරුවන් සිව් දෙනෙකු සහ තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාරවිල පොලීසිය පැවසුවේ. මෙම සැකකරුවන් දිවයිනේ සෙසු ප‍්‍රදේශවලද තරුණයින් රවටා මුදල් ජාවාරම් කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.