Tuesday, April 23, 2024

General line - 0115112241

මහ වැස්ස මොණරාගල වනසයි - යුදගනා වැව් බැම්මත් බිඳී ගිහින් (PHOTOS)

ජයන්ත වීරසේකර - වැල්ලවාය




මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (19) පස්වරුවේ සහ රාත්‍රි කාලයේ දී ගිගුරුම් සහිත තද වැසි ඇද හැලුණු අතර එම නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසලින් සහ ඊට පහළ කොටසෙන් ප්‍රධාන මාර්ගයට පස් කදු සහ ගල් පෙරලී ඇත.

ඊට අමතරව බුත්තල යුදගනාව වැවේ වැව් බැම්මේ කොටසක් අද (20) අලුයම කඩාගෙන ගොස් තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින මෙම වැවේ බැම්ම නිසි ප්‍රමිතියකට තොර බව ගම්වාසීන් මුල සිටම ප්‍රකාශ කර තිබූ අතර ඇද හැලුණු වර්ෂාපතනය නිසා වැව් බැම්ම කැඩී ගොස් තිබේ. ඊට අමතරව ඇද හැලුණු වර්ෂාපතනය සමග බුත්තල නගරය ඊයේ දින ජලයෙන් යට වූ අතර එම නිසා වෙලදසැල් රැසකට ද හානි සිදු වී තිබේ. වැල්ලවාය ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාපතනය සමග ඊයේ රාත්‍රි විදුලි කණු මතට ගස් කඩා වැටීම නිසා රාත්‍රියේ දී ප්‍රදේශයට විදුලිය විසන්ධි වූ අතර එය මේ වන විට යතාත්වයට පත් කර ඇත.