Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන මිළ වැඩිවීම විදුලිබල මණ්ඩලයටත් අමාරුයිලු

සජිත් තිලකරත්න




ඉන්ධන මිළ ඉහල යාම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ආර්ථික තත්ත්වයටද එය අහිතකර ලෙස බලපා ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ එම බලපෑම සමනය කර ගන්නේ කුමන ආකාරයෙන් දැයි සොයා බැලීමක් සිදුකළ යුතු බවයි.  

කෙසේවෙතත් පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් දෛනික ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සදහන් කළා.