Thursday, April 25, 2024

General line - 0115112241

පළතුරු ටොන් 60000ක් පිට රටින් ගෙනත්




පසුගිය වසරේදී පළතුරු මෙටි‍්‍රක් ටොන් හැට දහසක් මෙරටට ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ සදහා රුපියල් මිලියන නව දහසක මුදලක් වැය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඇතැම් ආහාර වර්ග මෙන්ම පළතුරු ආනයනය කිරීමට සීමා පැනවීමට තීරණය කෙරුණේද ඒ අනුව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

හුංගම ප‍්‍රදේශයේ ස්ථාපිත කෙරෙන ටී ඊ ජේ සී අඹ වගා කලාපයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කියාසිටියා.