Saturday, April 20, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීය යුතුයි - මහේල ජයවර්ධන

දිනුක් හේවාවිතාරණ




යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ටික කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටිය යුතු බව තමා සිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහෙල් ජයවර්ධන පවසනවා.

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්, ඔහු මේ දිනවල සිටින්නේ පිඩනයක. එය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවයි ට්විටර් සටහනක් තබමින් හිටපු ශ්‍රී ලංකා නායකයා පවසන්නේ.

2018 වසරේ එක්දින තරග 14ක් සදහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් එහිදී ඉණිම් 13 කදී රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 174ක් පමණි. ඔහු එක්දින තරග 5 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ වරක් ප්‍රකාශ කර සිටියේ කුසල් මෙන්ඩිස් හට පිතිකරු ලයිස්තුවේ කුමන ස්ථානයක වුවද ක්‍රීඩා කළ හැකි පිතිකරුවක් ලෙසයි.

නමුත් ගතවු මාස කිහිපය තුලදී කුසල් මෙන්ඩිස් හට පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන කිහිපයක ක්‍රීඩා කිරීමට සිදුවුවා. ඉකුත් ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසු හිටපු නායක කුමාර් සංගක්කාර පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිකරණ ලැයිස්තුව වෙනස් කිරීම නතර කළ යුතු බවයි.