Thursday, April 18, 2024

General line - 0115112241

එංගලන්තයට ලකුණු 274 ක ඉලක්කයක්

සමන්ත කුමාර




සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන සිව් වන එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 273 ක් රැස් කළා. දසුන් ශානක ලකුණු 66 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 52 කට දැවී ගියා. තිසර පෙරේරා දුවද්දී දැවී ගියේ ලකුණු 44 ක් රැස්කර සිටියදීයි. අකිල ධනංජය නොදැවී ලකුණු 32 ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලී ලකුණු 55 කට කඩුළු 2 යි. පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මේ වන විට පන්දුවාර 18ක් අවසානයේදී කඩුලු 2ක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටිනවා.