Tuesday, April 16, 2024

General line - 0115112241

එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ජය හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (20) සමත්වුණා. ඒ, පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ පැවැති සිව්වන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමත් සමගින්.

වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා මෙම තරගයේද ජය තීරණය වුණේ ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 273ක් රැස් කළා. 

එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට පන්දුවාර 27ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 132ක් ලබා සිටියා. ඒ අනුව මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 3 ට 0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට එංගලන්තය සමත්වුණා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි 10දී මෙතෙක් එක්  ජයග‍්‍රහණයක් හෝ වාර්තා කිරීමට සමත්වී නැහැ. ශී‍්‍ර ලංකා එංගලන්ත පස්වන සහ අවසන් එක්දින තරගය ලබන 23වනදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.