Friday, April 19, 2024

General line - 0115112241

අමෙරිකාවට ඇතුළුවීමට ආ දහස් ගණනක් පාලමක් මත නතරවෙයි : මෙක්සිකෝව දෙලොවක් අතර හිරවෙයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මෙක්සිකානු රජය මේ වන විට දැඩි අර්බුධකාරී වාතාවරණයකට මුහුණදී සිටිනවා. ඒ මධ්‍යම අමෙරිකාවේ සිට අමෙරිකාව බලා ගමන් කරමින් සිටින දහස් සංඛ්‍යාත සරණාගතයින් පිරිසක් මේ වන විට ගෝතමාලාව සහ දකුණු දිග මෙක්සිකානු දේශසීමාවේ පිහිටි ජාත්‍යන්තර පාළම මත රැදී සිටිමෙන්.

දෛනිකව මුහුණ දී සිටින අර්බුධකාරී ආර්ථික ගැටළු හේතුවෙන් මධ්‍යම අමෙරිකාවේ පිහිටි රටවල ජිවත්වන 5000 කට අධික පිරිසක් පාගමනින් හා වාහන මගින් මෙසේ අමෙරිකාව බලා ගමන් ඇරඹුවේ මිට සතියකට පමණ ඉහතදීය.

ගෝතමාලාවේ පොලිසිය සමග ගැටුම් ඇති කර ගනිමින් මාර්ග බාධක බිඳ දමමින් මෙම සරණාගතයින් දකුණු දිග මෙක්සිකෝවට පිවිසීමට හැකි ජාත්‍යන්තර පාලම ඊයේ (20) දිනයේදී අවහිර කරමින් රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන්ට මෙක්සිකෝව හරහා අමෙරිකාවට ඇතුල් වීමට අවසර ලබා දෙන ලෙස මෙම සරණාගතයින් ඉල්ලීම් කළත් මෙක්සිකානු බළධාරීන් සිය දේශසීමාවේ රැකවල් තර කරමින් සරණාගතයින්ට සිය රටට පිවිසීමට ඉඩ ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම තත්ත්වය ආරංචි වූ විගස අමෙරිකානු රාජ්‍ය ලේකමවරයා වන මයික් පොම්පෙඕ මෙක්සිකෝව බලා පැමිණි අතර ඔහු එරට රාජ්‍ය බළධාරීන් සමග මෙම සරණාගතයින් අමෙරිකාවට ඇතුල් වීමට ඉඩ නොදීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් තත්ත්වය පාළනය කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකානු රජය ක්‍රියා කළ ආකාරය ගැන සිය ස්තුතිය පුද කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.