Thursday, April 25, 2024

General line - 0115112241

"මම ලොකු වැරද්දක් කළා" - අගනා ඉනිමක් ගොඩ නැගූ දසුන් මාධ්‍යට කියයි

හේරත් ඒකනායක




එංගලන්තය සමග ඊයේ (20) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිළට ලකුණු 300 සිමාව පසුකර යාමට නොහැකිවූයේ තමන් අතින්වූ වරදක් හේතුවෙන් බව දසුන් ශානක පවසනවා.

දසුන් ශානක ඊයේ තරගයේදී අගනා ලකුණු 66ක් රැස් කිරීමට සමත්වුණා. කෙසේවෙතත් එම තරගයෙන් ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුව ලකුණු 18ක ජයත් හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි. 

මේ, තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩක දසුන් ශානක සඳහන් කළේ "මම එනකොට ලකුණු 100ට කඩුලු 04ක් ගිහිල්ලා තිබුණා. මම මගේ සාමාන්‍ය විහිදට තමයි බැට් කළේ. පීඩනයක් ගත්තේ නෑ. මම ඒ වෙලාවේ ලොකු වැරද්දක් කළේ කණ්ඩායමට..මගේ ඉනිම තවදුරටත් ඉදිරියට ගොඩනැගුවේ නැති එක. මම සාමාන්‍යයෙන් ගහපුවාම අඩි දෙකක් විතර ඉස්සරහට එනවා..ඒක වැරද්දක්. එතන රන්එකක් තිබ්බේ නෑ. ඒක හදා ගන්න ඕනේ. මගේ අතින් තමයි වැරද්ද වුණේ." යනුවෙනි.

තමන් පිතිකරුවෙකු ලෙස සාර්ථක වීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළා.

"මම කලින් පන්දුවට පහර දෙනකොට මගේ තාක්ෂණයේ පොඩි පොඩි දුර්වලතා තිබුණා. පිතිකරණ පුහුණුකරුයි..ප්‍රධාන පුහුණුකරුයි එක්ක කතා කරලා ඒ දේවල් පොඩ්ඩ පොඩ්ඩ හොඳ පැත්තට හරවගෙන තියෙනවා. තව..කලින් පොඩ්ඩක් හිටගෙන බැට් කලේ..දැන් පොඩ්ඩක් විතර පල්ලෙහායින් බැට් කරන්නේ."

තරග 05කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේවනවිට 3 ට 0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජය ගෙන අවසන්. ශී‍්‍ර ලංකා එංගලන්ත 05වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය ලබන 23 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.