Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් ඔලිම්පික් පදක්කමක් ගෙනා පාරමීට කොළඹින් ගෙයක් (PHOTOS)

ජූඩ් සමන්ත




ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් මළල ක්‍රීඩා උළලේදී මීටර් 2000 කාන්තා බාධක දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් හලාවත - ඉරණවිල පදිංචි පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කොළඹ ප්‍රදේශයෙන් නිවසක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ආපදා කළමණාකරණ සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පැවසුවා.

අද (21) පෙරවරුවේ හලාවත - අඹකදවිල පිහිටි පාරමීගේ නිවසට පැමිණි අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මීට අමතරව පාරමී දැනට පදිංචි හලාවත - ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුළත අළුත් වැඩියා කිරීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය ඇමතිවරයා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව දෙස් විදෙස් තරගවලට සහභාගි වී ලබා ගෙන ඇති පදක්කම් සියල්ල නැරඹූ රාජ්‍ය අමාත්‍යවරයා එම පදක්කම් සුරක්ෂිතව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.