Thursday, April 18, 2024

General line - 0115112241

යහපාලන ආණ්ඩුවේ ඉදිරි ජනාධිපතිධූර අපේක්ෂකයා ගැන ජෝන් කියයි

කසුන් කැළුම්




යහපාලන ආණ්ඩුවේ ඉදිරි ජනාධිපතිධූර අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ගම්පහ ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

එහිදී "මැතිවරණවලට බය වෙන්න බෑ.. මැතිවරණ පවත්වන්න ඕනේ.. මීළඟ ජනාධිපතිවරණයටත් ඉන්න ජනාධිපතිතුමාම ඉදිරිපත් වෙයි. ජනතාවගේ ජනමතයට මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ." යනුවෙන් සඳහන් කළා.