Thursday, April 25, 2024

General line - 0115112241

පැය 04ක මෙහෙයුමකින් 3560ක් අත්අඩංගුවට




පොලිස්පතිවරයාගේ නියමයෙන් දිවයින පුරා පැය 04ක කාලයක් සිදු කළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 3560 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහෙයුම සිදු කළේ අද (21) අලූයම තුනේ සිට පෙරවරු 7 දක්වායි. එහිදී රථ වාහන නඩු 6020ක් ලබාගත් බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිලධාරීන් 18,019 දෙනෙකු මෙම මෙහෙයුම සදහා එක්ව සිටියා. 

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදු කරන ලද විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයින් 36,255 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට වරෙන්තුකරුවන් 12,099 දෙනෙක් අයත්. රථ වාහන නඩු 64,143ක් ද ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. පොලිස්පතිවරයාගේ නියමයන් පරිදි මේ දක්වා කාලය තුළ සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 13ක්.