Thursday, April 25, 2024

General line - 0115112241

තායිවානයේ දුම්රිය අනතුරෙන් 18ක් මරුට

තරංග රුක්ෂාන් ජයසේකර




තායිවානයේ යිලාන් ප‍්‍රදේශයේ අද සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලබා ඇති සංඛ්‍යාව 137ක්. අධිවේගී දුම්රියක් පීලි පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ වනවිට එහි ගමන්ගත් මගීන් සංඛ්‍යාව 366ක්. දුම්රියේ සියලූ මැදිරි පීලිපැනීමට ලක්ව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බවයි එරට දුම්රිය බලධාරීන් පැවසුවේ.