Wednesday, April 24, 2024

General line - 0115112241

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ගැටළුව විසඳන්න කොළඹින් යයි

නිශාන් ද සිල්වා




අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු කොළඹින් පිටත් කර හැර තිබෙනවා. ඒ, විරෝධතාවයේ නිරත රැඳවියන්ගේ ඉල්ලීමකට අනුවයි. රැඳවියන් පවසා ඇත්තේ තම ගැටළුව පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ජාවක් අවශ්‍ය බවයි.

ඒ අනුවයි ඔහු නියෝජනය කරමින් නිලධාරියෙකු අගුනකොලපැලැස්ස බන්ධනාගාරය වෙත පිටත් කර හැර ඇත්තේ. අද ආරම්භ කෙරුණු මෙම විරෝධතාව සම්බන්ධයෙන් නීිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබඩාර ද අදහස් පළ කළා. 

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් අද (21) උදෑසන මෙම විරෝධතාව ආරම්භ කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාර රාජකාරී සඳහා යෙදවීමට විරෝධය පළ කරමින්.