Thursday, April 25, 2024

General line - 0115112241

ළඟදීම ජල ගාස්තු ඉහළ යාමක්




ජල ගාස්තුවල වැඩිවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් පවසනවා. 

අවසන් වරට 2012 වසරේ දී ජල ගාස්තු සංශෝධනයක් සිදුකළ බවත් ඉන් පසු නිෂ්පාදන පිරිවැය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා. 

ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජල ඒකකයක් පිරිපහදු කිරීම සඳහා මණ්ඩලයට රුපියල් 47ක් වැය වන බවත් පාරිභෝගිකයාට එම ඒකකයක් ලබා දෙන්නේ රුපියල් 12කට බව සදහන් කර සිටිනවා.

ජල ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත් කර ඇති බව සදහන් කර සිටියා.

එම අනුකමිටුවේ නිර්දේශ අනුව අදාළ ගාස්තු වැඩිවීම සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩල සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.