Thursday, April 25, 2024

General line - 0115112241

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා.

මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් වැය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙරට අතර ගමනාගමනයට මීට පෙර ගතවූ පැය 03ක කාලය පාලම ඉදිකිරීම හේතුවෙන් විනාඩි 30කට අඩු වනු ඇති බව විශ්වාස කෙරෙනවා. ලොව දිගම පාලම් අතරින් මෙම පාලමට හිමිවන්නේ 06 වන ස්ථානයයි.