මුල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මුල්‍ය නිළධාරිවරයා වන විමල් නන්දික දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මෙන්තුව් විසින් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.
සෝනි රුපවාහිනි සේවය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදිය යුතු අමෙරිකානු ඩොලර් 187,084 ක් සිය පෞද්ගලික ගිණුමකට බැර කරන මෙන් මෙම පුද්ගලයා විසින් ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයකින් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.