Friday, March 29, 2024

General line - 0115112241

විල්ලා අද මෙක්සිකෝවට කඩා පනියි

දිනුක් හේවාවිතාරණ




මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ කළාපයට පැමිණෙමින් තිබෙන "විල්ලා සුළි කුණාටුව" හේතුවෙන් එරට කාළගුණ බළධාරීන් පැසිෆික් මුහුදු කළාපයේ කොටසකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් යුත් මෙම සුළි කුණාටුව අද (23) දිනයේදී මෙක්සිකෝවේ නිරිත දිග වෙරළ කළාපයට ඇතුල් වනු ඇති බවයි කාළගුණ බළධාරීන් සදහන් කරන්නේ.

ප්‍රචණ්ඩ විල්ලා සුළි කුණාටුව හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් ඇතිවනු ඇති බවත් හදිසි ගංවතුර සහ නාය යෑමේ තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින ලෙස නිරිත දිග මෙක්සිකෝවේ සිටින ජනතාවට මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය සතියේදී අමෙරිකාවට එල්ලවූ මයිකල් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 26 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූවා.