Friday, April 19, 2024

General line - 0115112241

රට පුරා LED බල්බ බෙදීමට සූදානම්




LED  බල්බ දස ලක්ෂයක් ලබන මාසයේ දී රට පුරා බෙදාහරින බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය ප‍්‍රකාශ කරනවා.

මාසික විදුලි පරිභෝජනය ඒකක අනූවකට වඩා අඩු තෝරාගත් නිවාස සඳහා LED බල්බ ලබා දෙන බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වා දෙන්නේ.

මෙගාවොට් 300 ක විදුලිබල ඉල්ලුමක් අඩුකර ගැනීම අපේක්ෂාව බවයි එහිදී සඳහන් කෙරුණේ. වැඩිම විදුලි ඉල්ලුමක් ඇති කාලය තුළ එය අඩුකර ගැනීමේ ආර්ථික වාසි රැසක් සැලසෙන බවද පෙන්වා දුන්නා.